mediahumanrights.lk
Local NewsNews

නවක විශ්ව විද්‍යාල සිසුන්ට දැනුම්දීමක්

තැපැල් වර්ජනය හේතුවෙන් නවක සිසුන්ට විශ්ව විද්‍යාලවල ලියාපදිංචි වීමට අවශ්‍ය යොමු අංකය ද මෙතෙක් ලැබී නොමැති බව වාර්තා වනවා.
ලියාපදිංචි වීම හෙටින් (30) අවසන් වීමට නියමිත අතර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව විසින් මේ සඳහා පොදු දුරකථන අංක දෙකක් ලබා දී ඇතත් එම දුරකථන අංක බොහෝ අවස්ථාවල කාර්යබහුල වීම හේතුවෙන් සිසුන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.
එහි ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ අදාළ දුරකථන අංක අමතා විභාග අංක ඉදිරිපත් කිරීමෙන් පසු යොමු අංකය ලබා ගත හැකි බවයි. අදාල යොමු අංක විශ්ව විද්‍යාල කොමිසන් සභාවට පැමිණ ලබා ගත හැකි බව ද ඔහු සඳහන් කළා.
රට පුරා ක‍්‍රියාත්මක තැපැල් සේවක වර්ජනය හේතුවෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ 10කට අධික ප‍්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පැවසුවා.
එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ බලධාරීන් සමග ඊයේ (28) පැවති සාකච්ඡා ද අසාර්ථක වූ බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

පරිසර දිවුරුමට යුද හමුදාපතිත් අත්සන් තබයි

Shiran Viraj

සම්පත් බැංකුවේ උණුසුම් තත්වයක්.. සම්පත් බැංකුව සිංහල බෞද්ධයන් වෙනුවෙන් බව නිමල් පෙරේරා කියයි..

Shiran Viraj

සිගරට් පෙට්ටියේ ඉතිරි සියයට විස්සටත් නව නීති

Shiran Viraj
Translate »