25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNewsPolitical

දෙමළ සංධාන මන්ත්‍රීවරයෙකුගෙන් පොලිසියට පැමිණිල්ලක්

සිය ලිපි ශීර්ෂ හා අත්සන යොදා ගනිමින් කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවට කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ ලිපි ශීර්ෂ හා අත්සන යොදා ගනිමින් සැකසූ ලිපියක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් වෙත යොමු කර ඇති බවයි මන්ත්‍රීවරයා යොමු කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.
මන්ත්‍රීවරයාගේ ලිපි ශීර්ෂ හා අත්සන ස්කෑන් කර ව්‍යාජ ලේඛන සකසා ඇති බව පොලිසිය සිදු කළ පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ තාක්ෂණික පරීක්ෂණයක් ද ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.
(under the courtesy of nethfm news web)

Related posts

දරු මුණුබුරන් 78කගේ ආදරය මැද වාසනාවන්ත ජීවිතයක් ගතකරන දඹුල්ලේ මවක් – Video

Shiran Viraj

රට පුරා සමුපකාර දිනන්න මාලිමා දැවැන්ත මෙහෙයුම්..

Shiran Viraj

ලංකාවේ ළාබාල පෙම සොයා ආ බ්‍රිතාන්‍ය කත අසරණ වෙයි

Shiran Viraj
Translate »