mediahumanrights.lk
Local News News Political

දෙමළ සංධාන මන්ත්‍රීවරයෙකුගෙන් පොලිසියට පැමිණිල්ලක්

සිය ලිපි ශීර්ෂ හා අත්සන යොදා ගනිමින් කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවට කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ ලිපි ශීර්ෂ හා අත්සන යොදා ගනිමින් සැකසූ ලිපියක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් වෙත යොමු කර ඇති බවයි මන්ත්‍රීවරයා යොමු කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.
මන්ත්‍රීවරයාගේ ලිපි ශීර්ෂ හා අත්සන ස්කෑන් කර ව්‍යාජ ලේඛන සකසා ඇති බව පොලිසිය සිදු කළ පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ තාක්ෂණික පරීක්ෂණයක් ද ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.
(under the courtesy of nethfm news web)

Related posts

ඉන්දීය යානා සුනු විසුනු කළ පාකිස්තානුවන්ගේ වීර ගුවන් නියමුවා මෙන්න!-PHOTOS

Shiran Viraj

කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ ඇටසැකිලි ගැන හෙලිවෙයි..

Shiran Viraj

ගං වතුරට මියගිය කුකුලන් වෙලදපලට.. ආහාරයට නොගන්නැයි දන්වයි.

Shiran Viraj