mediahumanrights.lk
Local News News

දිවයින පුරා රථවාහන මෙහෙයුම් ඉදිරියටත්

මාර්ග විනය පවත්වාගෙන යාම සඳහා විශේෂ රථ වාහන මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ කොළඹ නාගරික සීමාව තුළ ප්‍රධාන මාර්ග ආශිතව පවතින මාර්ග තදබදයට හේතුව රථ වාහන ගමනාගමනය විධිමත්ව නොපැවතීම බවයි.
මේ හේතුවෙන් මහජනතාව විශාල පීඩාවකට පත්ව ඇති අතර රියදුරන් හා පදිකයින්ගේ මාර්ග විනය පවත්වාගෙන යාම සඳහා රථ වාහන නීතිය  දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා උපදෙස් ලබා දී තිබේ.
ඉලක්ක ගත රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය 12 වැනිදා සිට 16 වැනිදා දක්වා සිදුකරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම් මඟින් රථ වාහන වැරදි 9130ක් සඳහා නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
වැඩිම නඩු සංඛ්‍යාවක් පවරා ඇත්තේ මංතීරු නීතිය උල්ලංඝණය කිරීමේ වරදට වන අතර එම නඩු සංඛ්‍යාව 7456ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

විදේශයන්හි සිරවී සිටින තවත් ලාංකිකයන් පිරිසක් ගෙන්වා ගන්න රජය තීරණය කරයි..

Shiran Viraj

දින තුනක් වූ කිරිකැටියෙක් මහමග දමා ගිය දෙමාපියන් – කිලිනොච්චියෙන් ඇසුණු අහස පොලොව නුහුලන කතාව මෙන්න

Shiran Viraj

කොරෝනාවෙන් තවත් ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි… USA

Shiran Viraj