mediahumanrights.lk
Local NewsNews

තැපැල් වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද(14) දෙවන දිනටත් ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
එහි කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා සඳහන් කළේ පසුගිය 12 වනදා මධ්‍ය රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනය සඳහා මෙතෙක් නිසි පිළිතුරක් අදාළ බලධාරීන්ගෙන් ලැබී නොමැති බවයි.
තැපැල් සේවකයන්ගේ පැය 48ක වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට තැපෑලේ ලිපි ලක්ෂ ගණනක් ගොඩගැසී ඇති බවද ඔහු කියා සිටියේය.
තම වෘත්තීය ගැටළුවලට විසදුම් ලබාදීමට බලධාරීන් කටටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී අඛන්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා සඳහන් කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

Shiran Viraj

පොලිතීන් තහනමෙන් පවුල් ලක්ෂ 3 ක් පීඩාවට

Shiran Viraj

ඔබත් විවාහවෙලා තවම දරුඵල නැතුව ලතවෙනවාද ඉක්මණින්ම ගැබ් ගන්නනම් මෙන්න මේදේ කරන්න

Shiran Viraj
Translate »