28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

අන්ධකාරයේ එලිය වැටෙන්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා…

ලස්‌සන අත්තටු තියෙන සමනලයෙක්‌ වුණාට මම හෙව්වෙ මම වගේ ලස්‌සන අත්තටු තියෙන සමනලියක්‌ නෙවෙයි. මගේ හිත පාටකරන්න දන්න ආදර හිතක්‌. ඇත්තම කියන්න මට ළංවෙලා ආදරෙයි කිව්වට ඔයා දැනගෙන හිටියෙ නැද්ද? නැතිනම් දැනගන්න උවමනාවක්‌ තිබුණේ නැතිද ?. එහෙමත් නැතිනම් හොයන්න ඕන වුණේ නැතිද ? සුදුපාට හිස්‌ තලයක්‌ වුණ මගේ හිතට ගැලපෙනම පාට මොනවද කියලා. චාමික ගැයුවේ ආදරය ගැනයි. ඒ නිසා බොහෝ යොවුන් සිත් චාමිකගේ ගීවලට විතරක්‌ නෙවෙයි ඔහුටත් ආදරය කරන්න පටන් ගත්තා. ඒත් චාමිකගේ ආදර හිත හෙව්වෙ වෙනස්‌ම විදිහෙ ආදරයක්‌. හරියටම කියන්න බැරි වුණත් ඔහුගේ ආදර කතාව ආදර හැන්දෑවට කැන්දාගෙන එන්න හිතුවා. ඇත්තටම චාමර ආදර හැන්දෑවෙ තියල ගියෙ ආදරයමද? එහෙමත් නැතිනම් විඩාපත් සමනල සිතක ආදරණීය ශෝකාලාපයක්‌ද ?
චාමිකගෙ හිත ආදරයකට විවර පළමු ආදර සිතුවිල්ල කොතනකද?
ම්ම් ඒක සිද්ධ වුණේ මම නවයේ ශ්‍රේණියේ ඉගෙන ගන්නකොට. ඇත්තම කියනව නම් මගේ ඒ ආදර සිතුවිල්ල ගැන එයා එදා දැනගෙන හිටියෙත් නැහැ. අද දන්නෙත් නැහැ. වෙලාවකට මට හිතෙනවා ඒක ආදරයක්‌මද කියලා. මොකද පළමුව ඇතිවෙන්නෙ ආකර්ෂණයක්‌නේ. ඒ ආකර්ෂණය තුළින් ඇතිවෙන ඇසුර තමයි පහුකාලෙක ප්‍රේමයක්‌ බවට පෙරළෙන්නේ.
පළමු පෙම් හැගුම එය විදිහට දියවෙලා යද්දි ?
දෙවැනි ආදර කතාව පටන් ගත්තා. හැබැයි එතකොට මම උසස්‌ පෙළ පන්තියට ඇතුල් වෙලා. එයා මගේ අසල්වැසි පාසලක නංගි කෙනෙක්‌. අපි හමුවුණා. ලියුම් ලිව්වා. කතාකළා. ඒත් මාස කිහිපයකින් අපේ ආදර කතාවට විරාමය තියන්න සිද්ධ වුණා. ආදරයේ විරහ වේදනාව පළමු වරට මම වින්දෙ ඇගේ ප්‍රේමය නිසා.
ආදරය හොයාගෙන චාමිකගේ සමනල් හිත ආයෙත් පියාඹන්න පටන් ගත්තාද ?
ඇත්තටම ඒ සිදුවීමෙන් මාස ගාණකට පස්‌සෙ මම ආයෙමත් ආදරවන්තයෙක්‌ වුණා. එයා මගේ වයසෙම කෙනෙක්‌. ඒ සම්බන්ධය නම් අවුරුද්දක්‌ විතර. එහිත් අවසානය තීරණය වුණා. ඊට පස්‌සෙත් මගේ හිත නැවතුන ප්‍රේමණීය නවාතැන්පළවල් තිබුණා. නමුත් නොගැලපීම් හේතුකෙරගෙන ඒ යුවතියන් හෝ මා එම ප්‍රේමයන් හැරගියා කිව්වොත් හරි.
ජීවිතයට ස්‌ථිර ආදර නවාතැන්පළක්‌ තියෙන්න ඕනෑ කියන සිතුවිල්ල ඔබට දැනුණේ කවදාද ?
ඒ හැඟීම මට දැනෙද්දි මම රටේ ජනප්‍රිය චරිතයක්‌ බවට පත්වෙලා. ඉතින් මගේ ලෝකය ඒ ප්‍රේමයට විවර වුණා. නමුත් අද ජීවිතයේ අත්දැකීම් මුහුකුරා යද්දි මට දැනෙන්නෙ ජීවිතයක්‌ ජීවත් කරවන්න ආදරය විතරක්‌ම නෙවෙයි, ඒ වටා එක්‌වු ගොඩක්‌ දේවල් තියෙනවා කියලා. ඒ දේවල් නැතිව ආදරය විතරක්‌ තිබිලා මදි කියන තැනක තමයි මගේ මනස තියෙන්නේ.
අද වෙත්දි ඔබ ඒ ආදරයට ආදරය නොකරනවාද?
ආදරය කියන දෙයින් ගොඩක්‌ ඈත ගිහින් පරිනත වීමත් එක්‌ක ජීවිතය තේරුම් ගනිමින් ඉන්නවා.
ජීවිතය විදින්න ලැබුණ ආදරය අද දවසේ චාමිකට දැනෙන්නේ කොහොමද?
මම ආදරය යහමින් විඳල වගේම විඳවලත් තියෙනවා. ඒත් මම ආදරය කියන දෙය ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ. නමුත් ආදරය තමුන්ට ලැබෙන විදිහ අනුවයි ඒක තමන් ජීවත් කරනවාද කියල තීරණය වෙන්නේ.
ආදරය කරන හිතකින් දුන් ප්‍රථම සැමරුම මතකද ?
ඇත්තම කියනවා නම් මම පෙම්වතෙක්‌ වුණ මුල්කාලෙ දුන්න පළමු තිළිණය මතක නැහැ. නමුත් ජීවිතයට ස්‌ථර පෙම්වත් නවාතැනක්‌ උවමනායි කියල හිතපු කාලෙක හමුවුන ඇය මට පදවැලක්‌ ලියලා දුන්නා. ඒ ආදරය වෙනුවෙන් මම ඒ පද පේලිය සංගීතවත් කරල ගැයුවා
මේ අන්ධකාරයේ
එලිය වැටෙන්නේ
ජීවත් වෙන්නේ ඔයා නිසා
මේක තමයි මගේ මතකයේ රැඳුන පළමු ආදර තෑග්ග.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

කල්මුණේ ලොක්ඩවුන්…

Shiran Viraj

තෙල් නැවකට යන මුදලින් රටටම නොමිලේ පාපැදි….

Shiran Viraj

මහ වැස්සෙන් විදුලිබලේටත් දැඩි හානි – ලක්ෂ දෙකක් අඳුරේ

Shiran Viraj