mediahumanrights.lk
Local NewsNewsPolitical

සයිටම් ගැටලූව විසදීමට තීන්දු රැසක් ගෙන තිබියදී වර්ජනය කිරීම කණගාටුවට කරුණක් – ජනපති කියයි

සයිටම් ගැටලූව විසදීමට ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති මොහොතක දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිසක් වැඩවර්ජනවල නිරත වීම පිළිබදව තමා දැඩි කණගාටුව පළ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
අනුරාධපුරයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.
දේශපාලන අතකොලූ බවට පත් නොවී තමන්ගේත් රටේත් අනාගතය වෙනුවෙන් තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නා ලෙස මෙහිදී සියලූ වෛද්‍ය පීඨ සිසුන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.
රටේ අධ්‍යාපනයේදී කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
සයිටම් පෞද්ගලික විද්‍යාලය පිළිබද මතුවූ ගැටලූ රැසකට රජය මේ වනවිට විසදුම් ලබාදී තිබෙන අතර අදාළ සිසුන් සදහා සායනික පුහුණුව අනිවාර්ය කිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන පරීක්ෂණයකට අනිවාර්යයෙන් පෙනී සිටීම, වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් නිවේදනය කිරීම, අදාළ පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීම, තනි පුද්ගලයෙකු සතුව තිබූ ආයතනය සාමුහික ව්‍යාපාරික අයතනයක් බවට පත්කිරීම, ආයතනයේ පරිපාලනය පාලක මණ්ඩලයක් යටතට පත් කිරීම ඇතුළු පියවර රැසක් මේ යටතේ ගෙන ඇති බව ද ජනාධිපතිවරයා සදහන් කළා.
දේශපාලන අවශ්‍යතා අනුව සිදුකෙරෙන මෙම වැඩවර්ජන තුළින් පීඩාවට පත්වන්නේ රටේ අහිංසක පොදු මහජනතාව බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ගැටලූවක් ඇත්නම්  ඕනෑම වෘත්තීය සමිතියකට රජය සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව පවතින බව කියා සිටියා.
(under the courtesy of hirunews news web)

Related posts

නාවික කඳවුරකින් යළිත් කොරෝනා මතුවෙයි…ඇඳිරි නීතිය පනවන්නැයි වෛද්‍ය සංගමයෙන් දැඩි ඉල්ලීමක්.

Shiran Viraj

කොළඹ ගිලා බැසීමේ අවදානමක්- මේ ගැන ඔබ දැනුවත්ද?

Shiran Viraj

සරසවි සිසුන් 31කට පන්ති තහනම් කරයි…

Shiran Viraj
Translate »