mediahumanrights.lk
NewsSportsSports News

බංගලියන් නැවතත් ශ්‍රී ලංකාව පසුකර යයි – නවසීලන්තයටත් දුවන්න දෙයි

නවසීලන්තයට එරෙහිව ඊයේ (24) පැවැති තරගයෙන් බංග්ලාදේශය සුපිරි ජයක් වාර්තා කළා.
අයර්ලන්තයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග ඊයේ පැවති තරගය කඩුලු පහකින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.
විදෙස් රටක දී බංග්ලාදේශය නවසීලන්තය පරාජය කළ පළමු අවස්ථාව ද මෙයයි.
මේත් සමගින් ශ‍්‍රී ලංකාව පසු කරමින්, බංග්ලාදේශය අන්තර් ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබෙනවා.
මීට පෙර හයවන ස්ථානයේ සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම හත්වන ස්ථානයට පත්ව ඇති අතර බංග්ලාදේශයට හයවන ස්ථානය හිමිව තිබෙනවා.
දකුණු අප‍්‍රිකාව එම සටහනේ පෙරමුණ ගෙන සිටින අතර දෙවන ස්ථානය හිමිව ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවටයි.
ඉන්දියාවට එක්දින ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය හිමිව තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

දේපළ සොරකමේ ගිය 1ක් අල්ලයි

Shiran Viraj

පොලිස්පති-කොමිසම එලිපිට සටන් අරඹති.. පොලිස්පතිට කොමිසමෙන් දැඩි ප‍්‍රහාරයක්.. පිටු හයක නිවේදනයක්…

Shiran Viraj

කොරෝනා පතුරුවන භයානක පිරිසක් ලංකාවේ..

Shiran Viraj
Translate »