mediahumanrights.lk
Local NewsNews

සේවයට වාර්තා නොකළහොත් සේවය අතහැර ගියාසේ සළකනවා

කොන්ත්‍රාත් දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වහාම සේවයට වාර්තා කළ යුතු බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දෙයි.
දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේ අද (05) දිනයේ සේවයට වාර්තා නොකරන කොන්ත්‍රාත් දුම්රිය නියාමකවරුන් සහ කොන්ත්‍රාත් දුම්රිය රියදුරන් සේවය අතහැරගියාසේ සැලකීමට තීරණය කර ඇති බවයි.
අද උදෑසන නියමිත පරිදි කාර්යාල දුම්රිය ධාවනයේ නිරත වී තිබේ.
කෙසේ වුවද පෙරවරු 08.00න් පසු දුම්රිය ධාවනය අඩාල වන බව දුම්රිය ලොකෝමොටිව්  සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේය.
අද දිනයේ ඉදිරිකාලය තුළ ක්‍රියාත්මක  කිරීමට නියමිත  දුම්රිය ගමන් වාර 300කට ආසන්න සංඛ්‍යාවෙන් අත්‍යවශ්‍යම දුම්රිය 30ක් පමණක් ධාවනය කරන බව ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම ඉන්ධන ප්‍රවාහනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට කටයුතු කරන බව ද ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

මුහුද රළු විය හැකියි – ධීවර ප්‍රජවට සිහි කැඳවීමක්

Shiran Viraj

ආණ්ඩු විරෝධී විරෝධතා කරන්න විමල්ගෙන් සජිත්ට උපදෙස්…

Shiran Viraj

කොළඹ කුණු දින 4න් ඉවත් කළ යුතුයි

Shiran Viraj
Translate »