mediahumanrights.lk
Local NewsNews

විදුලි පාරිභෝගිකයින් සඳහා කාල පාදක ගාස්තු ක්‍රමයක්

ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් සඳහා කාල පාදක ගාස්තු ක්‍රමය දැන් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
සාමාන්‍යයෙන් විදුලි ගාස්තුව තීරණය කිරීමේදී ඒකකයක මිළ වෙනස් වන්නේ භාවිත කරන විදුලි ඒකක ප්‍රමණය අනූවයි. එහෙත් කාලපාදක ගාස්තු ක්‍රමයේදී විදුලිය පරිභෝජනය කරන වේලාව අනුව ඒකකයක මිල වෙනස් වනවා.
කෙසේ වෙතත් මෙම කාලපාදක ගාස්තු ක්‍රමය සෑම විදුලි පාරිභෝගිකයෙකුටම අනිවාර්ය වන්නේ නැහැ.
තමන් කැමති නම් පමණක් මෙය තෝරා ගත හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ සඳහන් කළේ කාල පාදක ගාස්තු ක්‍රමය මගින් වාසි ලබා ගත හැකි ඛාණ්ඩ  ඇති බවයි.
මෙම නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා නව විදුලි මීටරයක් ද සවිකළ යුතු වෙනවා.
ඒ සඳහා වන වියදම පාරිභෝගිකයා විසින් දැරිය යුතුයි.
(under the courtesy of nethfm news web)

Related posts

මන්ත‍්‍රී වරප‍්‍රසාද කපන යෝජනාව ඉදිරිපත් කෙරේ.. මාලිමාවට පෙර හේෂා බාර දෙයි..

Shiran Viraj

අවුරුදු 3ක ගැහැණු දරුවෙකු කතරගම දී අතුරුදන් වෙයි

Shiran Viraj

මාලිමාව ජනාධිපතිවරණයට වඩා ලක්‍ෂ 12ක් මහ මැතිවරණයට වඩා ලක්‍ෂ 24ක් අඩුයි..

Shiran Viraj
Translate »