mediahumanrights.lk
Local NewsNewsPolitical

විදුලි ඒකකයක මිල වෙනස් වන ආකාරයට ගෙවීම් කළ හැකි ක්‍රමයක්

භාවිතා කරන වේලාව අනුව විදුලි ඒකකයක මිල වෙනස් වන ආකාරයට ගෙවීම් කළ හැකි ක්‍රමයක් තෝරාගැනීමට එකලා විදුලිය භාවිත කරන පාරිභෝගිකයන් හට අවස්ථාව ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව රාත්‍රි 10.30 සිට පසුදා උදෑසන 5.30 දක්වා කාලය තුළ විදුලි ඒකකයක් සඳහා රුපියල් 13ක් අය කෙරෙන අතර අළුයම 5.30 සිට එදින සවස 6.30 දක්වා විදුලි ඒකකයක් සඳහා රුපියල් 25ක් ද, සවස 6.30 සිට එදින රාත්‍රි 10.30 දක්වා කාලය තුළ විදුලි ඒකකයක් සඳහා රුපියල් 54ක් අය කෙරෙනු ඇත.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසුවේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත පමණක් මෙම ක්‍රමය තෝරාගත හැකි බවය.
(under the courtesy of adaderana news web)

Related posts

කැටගොඩ ඉල්ලා අස්වී බැසිල් පාර්ලිමේන්තුවට..? ප‍්‍රබල ඇමති කමකුත්..?

Shiran Viraj

IMF ගිවිසුම අපේ ආණ්ඩුවෙන් වෙනස් කරනවා..

Shiran Viraj

රියදුරු බලපත්‍රය ගැනත් තීන්දුවක් ගනී – ජනවාරි 01 වනදා වෙන දේ මෙන්න

Shiran Viraj
Translate »