mediahumanrights.lk
EntertainmentEntertainment NewsLocal NewsNews

ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස්

ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා පරිගණක පද්ධති යාවත්කාලීන කර ගන්නැයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය ඉල්ලීමක් කරනවා.
එමෙන්ම ඊමේල් ගිණුම් විවෘත කිරීමට පෙරද ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසටයි දැනුම් දෙන්නේ.
මීට අමතරව පරිගණක පද්ධතියේ ඇති දත්තවල පිටපතක් පරිගණකයට සම්බන්ධ නොමැතිව තබා ගැනීම ද සිදු කළ යුතු බවයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය දැනුම් දෙන්නේ.
මෙවැනි පියවර අනුගමනය කරන්නේ නම් වෛරසයෙන් සිදු වන බලපෑම් අවම කර ගත හැකි බවද ප‍්‍රකාශ කෙරුණා.
ඉකුත් සිකුරාදා එල්ල වූ මෙම සයිබර් ප‍්‍රහාරයෙන් රටවල් 150ක පරිගණක පද්ධති ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල වුණා.
අද දිනයේ ද තවත් සයිබර් ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවටයි පරිගණක විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

ශ්‍රී ලංකා – කොදෙව් පළමු තරගය අද ඇරඹෙයි

Shiran Viraj

වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

Shiran Viraj

වර්ජන නිසා සරසවි වරමත් කල්යයි

Shiran Viraj
Translate »