mediahumanrights.lk
Local NewsNews

දිස්ත‍්‍රික්ක 04කට නායයාම් අවදානමක් – නිල්වලා සහ ගිං ගඟ පිටාර ගලයි

පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග ගාල්ල සහ කළුතර දිස්ත‍්‍රික්කවලට ද නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මීට පෙර කෑගල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික්කවලට ද නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කළා.
ගාල්ල දිස්ත‍්‍රික්කයේ බද්දේගම, යක්කලමුල්ල සහ නාගොඩ ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශවල නායයාම් හා පස් කණ්ඩි කඩා වැටීමේ අවදානමක් මතුව තිබෙනවා. කළුතර දිස්ත‍්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, වළල්ලාවිට හා බදුරලිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ද නායයාම් අවදානමක් පවතින බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
මේ අතර ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිං සහ නිල්වලා යන ගංඟා පිටාර ගලමින් තිබෙනවා. ගංඟා ආශ‍්‍රිත පහත්බිම් කිහිපයක් ජලයෙන් යට වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
කැළණි ගඟේ ජල මට්ටම ද තවදුරටත් ඉහළ යමින් පවතිනවා.
මේ අතර පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට (26) දිනයේ ද පවතින බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනූෂා වර්ණසූරිය සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

යාපනයේ මන්ත්‍රීවරයෙක් සමග පොලිස් රාජකාරියට බාධා කල පක්ෂ සංවිධායකවරයික් අත්අඩංගුවට….

Shiran Viraj

දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ස්වයං පෝෂිතභාවයට පැලවත්ත කිරි සමාගම කැපවෙයි

Shiran Viraj

තවත් 859කට කොරෝනා.. ආසාදිතයන් 62,000 පනී…

Shiran Viraj
Translate »