32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

අහස දිහා බලා සුභ පතන්න කියා යකඩ යකා එක්කම අවසන් ගමන් ගිය බිෂාන් – Photos

ආගමික වැඩසටහන් වළදීත් මූලික වී වැඩ කටයුතු කරන ශිෂ්‍යයෙක්ලු…
සාක්කුවේ තිබූ කොළකැබැල්ලක ඔහුගේ පියාගේ දුරකථන අංකය සහ ලිපිනය ලියලා…
අනුරාධපුර නගරයේ පාසලක සිසුවෙකු අද (22) දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි බිෂාන් ජයවර්ධන නමැති අනුරාධපුර – නිවන්තකචේතිය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 18 හැවිරිදි ශිෂ්‍යයෙක්.
මෙම සිසුවා මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට තිබෙනවා.
සිසුවා අද උදෑසන 11.25 ට පමණ අනුරාධපුර කාර්මික විද්‍යාලයට නුදුරින් පිහිටි දුම්රිය මාර්ගයේදී, කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන් ගත් යාල් දේවි දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
සිසුවාගේ මළසිරුර එම දුම්රියෙන්ම අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන යනු ලැබුවා.
සිසුවාගේ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් කිහිප දෙනෙකු හා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණියා.
මෙම සිසුවා මීට වසරකට පෙර එම විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට පෙර දිනයේදී යතුරු පැදි අනතුරකට ලක්ව බරපතල තුවාල ලැබූ බවටද වාර්තා වනවා.
කෙසේ වෙතත් හෙට දිනයේද එම පාසලේ මේ වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය සූදානම් කර තිබූ බවද විදුහල්පතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මීට දින හතරකට පෙර පාසලේ තිබූ කප්රුක් පූජාවක් ඇතුළුව ආගමික වැඩසටහන් කිහිපයකදී මූලික වී වැඩ කටයුතු කළ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ මෙම සිසුවා හට සියදිවි හානිකර ගැනීමට තරම් ගැටලුවක්, තමා දන්වා තරමින් නොතිබූ බව විදුල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර සිසුවාගේ සාක්කුවේ තිබූ කොළකැබැල්ලක ඔහුගේ පියාගේ දුරකථන අංකය සහ ලිපිනය මෙන්ම යතුරුපැදිය නවතා ඇති ස්ථානයද සටහන් කර තිබීම විශේෂත්වයක්.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා එම දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යාමට නියමිතයි.
(under the courtesy of rategossip news web)

Related posts

රට වෙනුවෙන් ජීවිතය අමතක කළ සෙබලාගේ අහිමි පාදයට බස් රථයේදී අසුනක් නොදුන් අමනුස්සකම

Shiran Viraj

කේරළ ගංජා කිලෝ 18ක් සමග පුද්ගලයෙක් මාට්ටු

Shiran Viraj

ජාත්‍යන්තර ඒඩ්ස් දිනය වෙනුවෙන් අගමැතිගෙන් පණිවිඩයක්

Shiran Viraj
Translate »