26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

සිවාජිලිංගම්ගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනතාව සිහි කරමින් පැවැත්වුණු සැමරුම් වැඩටහන්වලට එරෙහිව ක‍්‍රියාත්මකවූ තර්ජන සහ බියවැද්දවීම් පිළිබඳ ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම් කේ සිවාජිලිංගම් පවසනවා.
යාපනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ඉකුත් දින කිහිපයේදී තමන්ට විවිධ පුද්ගලයන්ගෙන් තර්ජන එල්ල වූ බවයි. ඇතැම් තර්ජන නිර්නාමික ඒවා බවද ඔහු සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සකස් කර ජිනීවා මානව හිමිකම් කොමිසමට භාර දෙන බවයි ඔහු අවධාරණය කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

රට යන ගමනේ වෙනසක් කරන්න කාලය එළඹිලා : අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියයි

Shiran Viraj

කෝටි 300 ක මත්ද්‍රව්‍ය මාරවිලදී හසුවේ

Shiran Viraj

රනිල් ධුරයෙන් ඉවතට..? සබ්රි යලිත් මුදල් ඇමති..?

Shiran Viraj
Translate »