mediahumanrights.lk
Local NewsNews

සිරිකොත එජාප මූලස්ථානයේ අලියාට වෙඩි තැබූ පොලිස් නිලධාරියා අධිකරණයට

පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ ඇති අලියාගේ ලාංඡනයට වෙඩි තැබූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අද (02) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මිරිහාන පොලීසිය පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පරීක්‍ෂණයක්ද කි‍්‍රයාත්මක බවයි.
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ ලේකම්වරයාගේ පිටකෝට්ටේ එපිටමුල්ල ප‍්‍රදේශයේ පිහිටි නිවසක රාජකාරියේ නිරත වූ අයෙකු බවටයි වාර්තා වන්නේ.
ඊයේ පස්වරුවේ රාජකාරියට යමින් සිටියදී කොස්තාපල්වරයා විසින් සිය රාජකාරී ගිනි අවියෙන් මෙම වෙඩි තැබීම සිදුකරනු ලැබ ඇති බව මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වුණා.

(under the courtesy of nethfm news web)

Related posts

අනුර දිසානායකට සහාය දෙන්න මන්ත‍්‍රීවරයෙක් ස්වාධීන වෙයි..

Shiran Viraj

ජනාධිපති අගමැති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා.. එනිසා නිදහස් උත්සවයට ගියේ නෑ..

Shiran Viraj

ලොව පුරා කොවිඩ් මරණ එක් ලක්ෂ 20000ට ළංවෙයි

Shiran Viraj
Translate »