mediahumanrights.lk
Local News News

වර්ජනය වාර්තා කිරීමට ගිය මාතර හිරු මාධ්‍යවේදියාට පහරදීමක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) දින දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති සංකේත වර්ජනය වාර්තා කිරීමට ගිය මාතර හිරු වාර්තාකරුට මාතර මහ රෝහලේදී පහර දීමක් සිදුව තිබෙනවා.
වර්ජනය සම්බන්ධයෙන් වාර්තාකිරීමට යාමේදී රෝහලේ ආරක්ෂක අංශ නිලධාරීන් කිහිපදෙනෙක් එක්ව අප වාර්තාකරුට මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
පහරදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියා පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඔහු මේ වනවිට මාතර මහ රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබන බව සඳහන්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සිරගත කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වීමට එරෙහිව සහ තවත් කරුණු 04ක් මුල් කරගනිමින් එම සංගමයට අයත් වෛද්‍යවරුන් දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.
අද (22) උදෑසන 8ට ආරම්භ වූ මෙම වර්ජනය හෙට උදෑසන 8 දක්වා ක්‍රියාත්මකයි.
(under the courtesy of hirunews news web)

Related posts

රෝහින්ග්‍යා සරණාගත දැරිය දූෂණය කළ "පොලිස් කොස්තාපල්" ගල්කිස්සේ ගැටුමෙන් මතු වූ හැටි

Shiran Viraj

අපට මේක කරන්න බැරිවුනොත් ජනතාව සුබ සිහින දැකීම අතහරිනවා…

Shiran Viraj

නැගෙනහිර සියළු පාසැල් වසා දමයි.. ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවට අවතැන් කදවුරු ලෙස සූදානම්..

Shiran Viraj