32.2 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

මහ වැස්සෙන් විදුලිබලේටත් දැඩි හානි – ලක්ෂ දෙකක් අඳුරේ

මහ වැසි සමග ඇති වූ විදුලි බිද වැටීම් සහ විසන්දි කිරීම් හේතුවෙන් පාරිභෝගිකයින් ලක්ෂ දෙකහමාරකට වැඩි පිරිසකට තවමත් විදුලිය නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ අධික වර්ෂාව හේතුවෙන් විදුලි බෙදා හැරීමේ පද්ධතියට සැළකියයුතු හානි සිදුව ඇති බවයි.
හානි වූ විදුලි පද්ධතීන් පිළිසකර කිරීමේ කටයුතුවලට ද බාධා පැමිණ ඇති බව මෙහිඳී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙම බාධා මතුව ඇති බවත් සඳහන්.
මේ අතර ආපදා හේතුවෙන් ගෘහස්ත විදුලි පද්ධතීන්ට සිදුවූ බව කියන සුළු හානි ද නොමිලේ පිළිසකර කර දෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය ඊයේ (27) නිවේදනය කළා.
විදුලි බිඳ වැටීම් දැනුම් දීම සඳහා දුරකථන අංක 03 ක් ද විවෘතයි. 1987 දුරකථන අංකයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ද 1910 දුරකථන අංකයෙන් ලංකා විදුලි පුද්ගලික සමාගමට ද එවැනි බිද වැටීම් දැනුම් දිය හැකි වනවා. නැතහොත් 1901 දුරකථන අංකයෙන් විදුලි බල අමාත්‍යංශයට ද ඒ පිළිබඳ දැනුම් දිය හැකියි.
(under the courtesy of nethfm news web)

Related posts

Oct 100 පෙට‍්‍රල් මෙරට අලෙවිය අරඹයි.. ලීටරයක් 793යි…

Shiran Viraj

ඩයනා කුමරිය මැරුවේ මමයි – බ්‍රිතාන්‍ය බුද්ධි නිලධාරියා මරණ මංචකයේ සිට කරන පාපොච්චාරණය මෙන්න

Shiran Viraj

රෝගීන් මිය යන්නේ හුස්ම නොගැනීමෙන්…

Shiran Viraj
Translate »