mediahumanrights.lk
Local NewsNews

තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු සිව්දෙනෙක් රිමාන්ඩ්

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු සිව්දෙනෙකු ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අද (23) ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් එම්.සී හම්සා විනිසුරුතුමන් විසින් මොවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරවූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ඉකුත් 24 දා රැකියා විරහිත උපාධිධාරීන් විසින් නැගෙනහිර පළාත් සභා පරිශ්‍රය ඉදිරියේ  පැවැත්වූ උද්ඝෝෂණය අතරවාරයේදී එම විරෝධතාවට එරෙහිව ලබාදුන් අධිකරණ නියෝගය පොලීසිය ඉදිරියේ ඉරා දමා, පාගා  අධිකරණයට අපහාස කිරිම හේතුවෙන් මොවුන්ට එරෙහිව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.
ඒ අනුව අද දිනයේ  අධිකරණය හමුවේ පෙනී සිටි  තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු සිව්දෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

අනුරට බිත්තර ගැසීම පසුපස ඇමති ප‍්‍රසන්නද…?

Shiran Viraj

මුසම්මිල්ගේ ප්‍රහාරයෙන් විජිත හේරත් හාංසියි!

Shiran Viraj

කොරෝනා බාධක හමුවේ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා තරු ආසියාවේ ප‍්‍රබලයන් අතරට

Shiran Viraj
Translate »