mediahumanrights.lk
Local News News

ඥානසාර හිමිට මරණ තර්ජන ?

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මරා දැමීමට කුමන්ත්‍රණ  කර ඇති බවත් එය පාදක කර ගනිමින් අන්‍යාගමික ස්ථානවලට පහර දෙමින් ජාතිවාදී හා ආගම්වාදී  කෝලාහාල ඇතිකර එමඟින් මෙම ජීවිත තර්ජන සාධරණීකරණය කිරීමට සැලසුම් කර ඇති බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා පවසයි.
මෙම අරමුණ  ඉටු කර ගැනීම සඳහා ජාතික හා ජාත්‍යන්තර  උපකාර ලබන අන්තවාදී පිරිස් විසින් මෙම උත්සහය ගනු ලබන බවත් ඒ සඳහා රජයට සම්බන්ධ ඇතැම්  පිරිස් මෙන්ම විපක්ෂයේ පිරිස් සහයෝගය දක්වන බවට කරුණු දැන ගැනීමට ඇති බව ද විතානගේ මහතා ප්‍රකාශ කර ඇත.
මෙමඟින් රටේ පවතින තත්ත්වය තවදුරටත් භයානක තත්ත්වයකට පරිවර්තනය විය හැකි බවත් මේ පිළිබඳ  නිසි පරීක්ෂණයක් සිදු කර ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව තහවුරු කර ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් විතානගේ මහතා වැඩි දුරටත් පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

සුප්‍රකට Black Panther චිත්‍රපටයේ ප්‍රධාන නළුවා පිළිකාවකින් මියයයි

Shiran Viraj

විග්නේෂ්වරන් පළාත් කෘෂිකර්ම සහ අධ්‍යාපන අමාත්‍යාංශවල දිවුරුම් දෙයි

Shiran Viraj

මහින්ද අගමැතිධූරය හෝ විපක්ෂනායක ධූරය ඉල්ලයි: නැත්නම් මහින්ද – මෛත්‍රී එක්වීමේ සාකච්ඡා නෑ

Shiran Viraj