25.6 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

එක් අවුරුදු සිඟිතියට වධ හිංසා කරලා- පියා අත්අඩංගුවේ

වයස අවුරුදු 01 යි මාස 03 ක් වන තම දියණියට නිතර පහර දෙමින් වධ හිංසා කරන බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි.
ඊයේ (04) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව – 11 කණුව පදිංචි 24 හැවිරිදි අයෙකි
සැකකරු කාලයක් තිස්සේ කසිප්පු සහ ගංජා අලවි කිරීමේ නිරතව සිටි අයෙකු බවත්, පසුව ඔහු පෙදරේරුවෙකු ලෙස ජීවිකාව ගෙන ගොස් ඇති බවත් පොලීසිය කියයි.
තම දියණියට සැමියා විසින් නිතර පහර දී වධ හිංසා කරන බවට දැරියගේ මව වන 22 හැවිරිදි කාන්තාවක  විසින් පොලීසියට කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
වධ හිංසනයට ලක්වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සහ ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට වනාතවිල්ලුව පොලීසිය විසින් කටයුතු කර තිබේ.
වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විමල් වතුලියද්ද මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
(under the courtesy of adaderana news web)

Related posts

පුද්ගලික බැංකු ගිණුම් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇගවීමක්..

Shiran Viraj

ලාල්කාන්ත මහතාගේ ප්‍රකාශය ගැන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා අදහස් දක්වයි

Shiran Viraj

‘ගම්පහ ගංවතුරට යටවුනේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසාද..’ සොයන්න කමිටුවක්…

Shiran Viraj
Translate »