mediahumanrights.lk
International NewsNews

ෆේස්බුක් හරහා අසභ්‍ය වීඩියෝ සහ අසභ්‍ය ඡායාරූප හුවමාරු කලොත් සිදුවන දේ මෙන්න

ෆේස්බුක් හරහා හුවමාරු වන අසභ්‍ය වීඩියෝ සහ අසභ්‍ය ඡායාරූප නතර කිරීමට facebook ආයතනය පියවර ගෙන තිබෙනවා.
මේ සඳහා facebook ආයතනය විසින් නවතම ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අදාළ ක්‍රමවේදය හඳුන්වන්නේ photo-matching technologies ලෙසයි.
ඒ අනුව යම් කිසි පුද්ගලයෙකුගේ අකමැත්තකින් ඔහුගේ හෝ ඇයගේ අසභ්‍ය වීඩියෝ පටයක් හෝ අසභ්‍ය ඡායාරූප facebook හරහා හුවමාරු වුවහොත් ඔහුට හෝ ඇයට කඩිනමින් ඒ පිළිබඳව facebook ආයතනයට Report කළ හැකියි.
එහිදී අදාළ කටයුතු සිදුකිරීමට පුහුණුව ලත් විශේෂ කණ්ඩායමක් විසින් අදාළ ඡායාරූප සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකර ඒවා ඉවත් කිරීමට කඩිනම් පියවර ගනු ඇති.
මේ අතර එවැනි අවස්ථාවල අපහසුතාවයට පත්වූ පාර්ශවය පිළිබඳව සලකා බලා අදාළ ඡායාරූප හුවමාරු වන facebook ගිණුම් අත්හිටුවීමද සිදුවිය හැකි බවයි facebook ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
දැනට අන්තර්ජාලයට එක්කර ඇති අසභ්‍ය ඡායාරූප සහ අසභ්‍ය වීඩියෝ පටද මේ වනවිට facebook ආයතනය විසින් හඳුනාගෙන ඇති අතර අදාළ ක්‍රමවේදයට අනුව එවැනි දෑ facebook ගිණුම් හරහා හුවමාරු කිරීමටද අවසර නොමැති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
(under the courtesy of hirunews news web)

Related posts

අනතුරින් කුඩා දැරිය අවසන් ගමන් යයි

Shiran Viraj

පසුගිය සතියේ සෑම තත්පර 33කටම වරක් COVID-19 නිසා ඇමෙරිකානුවෙකු මිය ගිහින්

Shiran Viraj

මාතලේ කොරෝනා දත්ත විකෘති කරලා..

Shiran Viraj
Translate »