2026-02-12
mediahumanrights.lk
Local NewsNews

සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම සිදු කරනවා – ඉන්දියන් ඔයිල් සමාගම

අද (24) දිනයේ තමන් සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා.
එම සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති බී බී පත‍්‍රා සඳහන් කළේ තමන් යටතේ ඇති ඉන්ධන පිරවුම්හල් 202න් ආවරණය කරන්නේ මෙරට ඉන්ධන අවශ්‍යතාවෙන් සියයට 18ක් පමණක් බවයි.
තම සමාගම සතුව ඉන්දන ගබඩා සංකීර්ණ පවතින්නේ ත‍්‍රිකුණාමලයේ පමණක් බවත් රජය සතුව එවැනි ගබඩා සංකීර්ණ 12ක් පවතින බවත් ඔහු කියා සිටියා.
ඉන්දියන් ඔයිල් සමාගම සතුව මේ වනවිට ඞීසල් කිලෝ ලීටර් විසි හත්දහසක් පවතිනවා.
පෙට‍්‍රල් සංචිතය කිලෝ ලිටර එකොළොස්දහසක්. මෙම ඩිසල් හා පෙට‍්‍රල් සංචිත දින 15කට සීමා වන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ වනවිට රජයේ ආයතනවලට කිසිදු බෙදාහැරීමක් සිදු නොකරන නමුත් ඉල්ලීමක් කළහොත් සැපයුම් සිදු කළ හැකි බවයි ඉන්දියන් ඔයිල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
කිසියම් ඉන්ධන හිඟයක් ඇති වුවහොත් සතියක කාලයක් තුළ සිය විදේශීය ගැනුම්කරුවන්ගෙන් ඉන්ධන ලබා ගත හැකි බවද ඔහු සඳහන් කළා.

(under the courtesy of nethfm news web)

Related posts

ලංකාවෙන් අසභ්‍ය වීඩියෝ ලක්‍ෂයක් අසභ්‍ය අඩවිවලට…

Shiran Viraj

පාතාල කෙරුමෙක් ලංකාවට පිටුවහල්.. කටුනායකදී අත්අඩංගුවට..

Shiran Viraj

ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

Shiran Viraj
Translate »