mediahumanrights.lk
Local NewsNews

පොලිස් පහරදීමට එරෙහිව කාන්තාවක් මානව හිමිකම් කොමිසමට

තමන්ට සහ මවට පොලිස් නිලධාරීන් පිරිසක් සිදු කළ බව කියන පහර දීමකට එරෙහිව මාදම්පේ ප‍්‍රදේශයේ කාන්තාවක් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.
අදාළ පහර කෑමෙන් තුවාල ලැබූ තම මව තවදුරටත් මාරවිල රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි ඇය සිය පැමිණිල්ල මගින් ප‍්‍රකාශ කර ඇත්තේ.
ඉකුත් අට වනදා පෙරවරුවේ හලාවත පොලිසියේ නිලධාරීන් පිරිසක් තම නිවසට පැමිණ ගෙවත්තේ නවතා තිබූ ලොරි රථයක් පොලිස් භාරයට ගැනීමට උත්සහ කළ බවයි දිල්හානි පුෂ්පකුමාරි නැමැති කාන්තාව පවසන්නේ.
ලොරි රථයේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට ද පොලිස් නිලධාරීන් උත්සහ දරා තිබෙනවා.
කෙසේ වෙතත් ඊට නිවැසියන් විරුද්ධ වීමත් සමග මෙම පහරදීම සිදු වූ බවයි මෙම කාන්තාව මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිලි කර ඇත්තේ.
තමන්ට සිදු වූ අසාධාරණයට පොලිසියෙන් පිහිටක් බලාපොරොත්තු විය නොහැකි බැවින් තමන් මෙම තීරණය ගත් බව ද අදාළ කාන්තාව ප‍්‍රකාශ කළා.

(under the courtesy of nethfm news web)

Related posts

නාමල් අනතුරේ.. ආරක්‍ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දන්වයි..

Shiran Viraj

මිනිසුන් මහ මග මැරී වැටෙනවා.. සෞඛ්‍ය පද්ධතිය ධාරිතාව ඉක්මවා අවසන්..

Shiran Viraj

කතානායකවරයාගේ ක්‍රියා කළාපය ගැන ආණ්ඩුවෙන් විවේචනයක්

Shiran Viraj
Translate »