24.5 C
Colombo
2025-12-16
mediahumanrights.lk
Local NewsNews

පළමු ගුවන් යානය පැමිණෙයි – කටුනායක යළි ලොවටම විවෘත වෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථය නැවත ප්‍රතිසංවර්ධනය කර  ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා මීට සුළු වේලාවකට පෙර යළි එක් කෙරුනා.
අද දහවල් 12.37 ට ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගොඩ බැස්සවීමෙන් මෙම ධාවන පථයේ මෙහෙයුම් ආරම්භ වුණා.
ඒ අනුව මෙතැන් පටන් දවසේ පැය 24 පුරා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම් සිදු කෙරෙනවා.
මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා.
(under the courtesy of nethfm news web)

Related posts

අඩු වූ වැට් බද්දෙන් වාහන දෙකකට සුළු සහනයක්

Shiran Viraj

ඉලෙක්ට්‍රික් කාර් දෙන්න මරුටි සුසුකි සුදානම් – මිළ ගණන් මෙන්න (PHOTOS)

Shiran Viraj

හෝටලයක් වටලා මත් වූ පාසැල් සිසුන් 200ක් අල්ලයි!- ‍ෆේස්බුක් හරහා සිදු වූ තවත් ජාවාරමක් මෙන්න

Shiran Viraj
Translate »