27.2 C
Colombo
2025-12-17
mediahumanrights.lk
Local NewsNews

අමෙරිකාවේ හමුදාවයි රුසියාවේ හමුදාවයි අවිශ්වාසයෙන්

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු අමෙරිකාව සමග පවතින සබඳතා බිදවැටී ඇති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් පවසනවා.
රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මේ වනවිට දෙරටේ හමුදාමය සබදතාවල විශ්වාසය පිරිහී ඇති බවයි.
රුසියානු රූපවාහිනි නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.
අමෙරිකාව ඉකුත්දා සිරියාවට එල්ල කළ මිසයිල ප‍්‍රහාරය සම්බන්ධයෙන් නේටෝ සංවිධානය දක්වන ප‍්‍රතිචාරය සම්බන්ධයෙන්ද මෙහිදී රුසියානු ජනාධිපතිවරයා ප‍්‍රශ්න කළා.
එම ප‍්‍රහාරය ජාත්‍යන්තර නීති උල්ලංඝණය කිරීමක් ලෙසයි රුසියානු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.
(under the courtesy of nethfm news web)

Related posts

අනතුරු අඩු කරන්න බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට කියාදෙයි…

Shiran Viraj

පකිස්තානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා

Shiran Viraj

බීමත් රියදුරන්ගේ රියදුරු බලපත‍්‍රය අහෝසි කරන්න යයි..

Shiran Viraj
Translate »