mediahumanrights.lk
Local NewsNews

සීතල නුවරඑළියේ කාලගුණය වෙනස් වෙයි

දිවයිනට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය ආශ්‍රිතවද මේ වනවිට දැඩි උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.
ඒ අනුව ඊයේ පස්වරුව වන විට නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
නුවරඑළිය ප්‍රදේශයේ මෙලෙස රාත්‍රී කාලයේ මෙන්ම දහවල් කාලයේද දැඩි උණුසුම් කාලගුණ තත්වයක් වාර්තා වී ඇත්තේ වසර 20 ක පමණ කාලයකට පසුවයි.
මේ අතර දිවයිනේ උතුරු අර්ධය හරහා ( පැ.කි.මී.40 දක්වා) තරමක් තද සුළං අනේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ස්ථානවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාළගුණ තත්ත්වයක් පවතින බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ස්ථාන කිහිපයක පස්වරු 2 න් පසු මද වැසි තත්වයක් ඇතිවිය හැකි බවද වාර්තාකර තිබෙනවා.
මීට අමතරව කොළඹ සිට ගාල්ල, මාතර දක්වා වූ වෙරළ තීරයේ උදෑසන මද වැසි තත්වයක් බලාපොරොත්තු විය හැකි බවද එම වාර්තාවේ දැක්වෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

සරත් වීරසේකරගේ ප‍්‍රකාශයට පොහොට්ටුවේ පිරිසක් එරෙහි වෙයි

Shiran Viraj

කොස්ගම සාලාව ප්‍රදේශයේ යළිත් ගින්නක්

Shiran Viraj

ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවට

Shiran Viraj
Translate »