mediahumanrights.lk
Local NewsNewsPolitical

රවීට පේන දේ බන්දුලට නොපෙනේ

උද්ධමනය දිගින් දිගටම වැඩි වීමට හේතුව ආණ්ඩුවේ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ මාර්තු මස උද්ධමනය සියයට 8.6 ක් බවට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාව පිළිබඳ අදහස් දක්වමින්.
රටේ ආර්ථික තත්වය පිළිබඳ ජනාධිපතිවරයා ද කිසියම් රැවටීමකට ලක්ව ඇත්දැයි සැක උපදින බව බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර ශ‍්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලිය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ද සතුටට පත්ව සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ කියා සිටියා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුවේ දී ද ශ‍්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලිය විශේෂ ඇගයීමකට ලක් වූ බවයි ඔහු පැවසුවේ.
(under the courtesy of adaderana news web)

Related posts

ගත වු පැය 24ට ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වී නෑ

Shiran Viraj

ඉන්දියාවේ විරෝධතාකරුවන්ට සහායට යාපනයේත් විරෝධතා..

Shiran Viraj

O/L ප්‍රතිඵල අද හවසට

Shiran Viraj
Translate »