බීමත්ව ගුවන්යානයක නියමු කුටිය තුළ සිටීමේ චෝදනාවකට වරදකරු වූ ගුවන් නියමුවෙකු හට සිරදඬුවම් නියම කර තිබේ.
කැනේඩියානු අධිකරණයක් මඟින් අදාළ නියමුවා හට මාස 8ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එමෙන්ම ඔහු හට වසරක ගුවන් ගමන් තහනමක්ද පනවා ඇති අතර කැනේඩියානු ඩොලර් 100ක දඩයක් ද ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ 37 හැවිරිදි ස්ලොවේකියානු ජාතිකයෙකු හට බව විදෙස් මාධ්‍යද වාර්තා කළේය.
(under the courtesy of adaderana news web)
previous post