mediahumanrights.lk
NewsSportsSports News

බංග්ලාදේශයට එරෙහිව ශ‍්‍රී ලංකාවට වාර්තාගත ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 06ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප‍්‍රථමයට පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 06ක් දැවී ලකුණු 155ක් රැස් කළා.
මොසඩැක් හුසේන් නොදැවී ලකුණු 34 යි.
පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 38කට කඩුලූ 02ක් බිද හෙළුවා.
එක් කඩුල්ල බැගින් දවා ගත් විකුම් සංජය, අසේල ගුණරත්න හා සීක්කුගේ ප‍්‍රසන්නගේ පන්දු යැවීම විශිෂ්ඨ මට්ටමක පැවති බවයි ක‍්‍රීඩා විචාරකයින් පැවසුවේ.
පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 05කදී කඩුලූ 04ක් පමණක් දැවී සිය ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියා.
ශ‍්‍රී ලංකා කණ්ඩායමට සාර්තක ආරම්භයක් ලබා දුන් කුසල් ජනිත් පෙරේරා සහ උපුල් තරංග පන්දුවාර 06 යි පන්දු 05ක් තුළ ශ‍්‍රී ලංකා ඉණිමට ලකුණු 65ක් එක් කලා.
තරංග දැවී ගියේ ලකුණු 24ක් රැස් කරගෙන සිටියදීයි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 77ක් රැස් කළා.
ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර නවයක් ඇතුළත්.
පන්දු 31කදී වාර්තා වූ එය ඔහුගේ හයවන විස්සයි විස්ස අර්ධ ශතකයයි.

Related posts

නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීමට කමිටුව රැස්වෙයි

Shiran Viraj

පළාත් 3කට හා දිස්ත්‍රික්ක 7 කට උණුසුම වැඩි වෙයි

Shiran Viraj

2000 බැගින් රුපියල් කෝටි දෙකක් ජනතාවට බෙදමින් සිටි ධනපතියෙකු අත්අඩංගුවට….

Shiran Viraj
Translate »