mediahumanrights.lk
Local NewsNewsPolitical

තමන් හැමදාම තරුණකමේ ඉන්න එන්නතේ රහස මහින්ද හෙලි කරයි..

තමන් අදටද තරුණ පෙනුමෙන් සිටින්නේ ඇමරිකාවෙන් ගෙන්වන ඹිලියන ගණනක් වටිනා එන්නතක් විද ගැනීමෙන් යයි ආණ්ඩු පක්‍ෂයෙන් එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ අදහස් පල කලේය.
‘දැන් කියනවනේ මම තරුණ වෙලා ඉන්නේ ‍ඉන්ජෙක්ෂන් එකක් ගහලා කියලා. ඒකේ බිලත් තියෙනවා කියනවා. හැබැයි බිල පෙන්වන්නේ නැහැ. පෙන්වනවා නම් අපිටත් ගෙන්න ගත හැකිනේ. මිනිස්සුන්ට ක්‍රෝධ කරන්නේ නැතුව, වෛර කරන්නේ නැතුව, පළිගන්නේ නැතුව හිනාවෙලා ජයග්‍රහණය, පරාජය, හැකිකම, බැරිකම පිළිඅරන් ඉන්න පුළුවන් නම් හැමදාම හිනාවෙලා ඉන්න හැකියි. ඒක තමයි තරුණකමේ රහස’
මිනුවන්ගොඩදී පැවති උත්සව සභාවකදී හිටපු ජනාදීපතිවරයා මේ බව කියා සිටියේය.
(under the courtesy of lankacnews news web)

Related posts

හම්බන්තොටට ෆයිසර් දුන්නේ වරාය නිසා..- ප‍්‍රසන්න.. *** කොළඹ වරාය නිසා කොළඹටත් දිය යුතුයි..- හේමන්ත

Shiran Viraj

තවත් කොරෝනා රෝගීන් 05ක් හමුවේ..

Shiran Viraj

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයි

Shiran Viraj
Translate »