mediahumanrights.lk
International NewsNews

ට්‍රම්ප්ගෙන් තවත් යෝජනාවලියක්

මෙක්සිකෝව සහ අමෙරිකාව අතර දේශසීමාවේ ඉදි කිරීමට නියමිත තාප්පය සඳහා අරමුදල් උපයාගැනීමට අදාළ යෝජනාවලිය මෙම සතියේදී ඉදිරිපත් කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
එළඹෙන සතියේදී ඊට අදාළ අරමුදල් අනුමත කෙරෙනු ඇති බව ඇමරිකානු ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙකු පවසයි.
කෙසේ වෙතත් ඊට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ප්‍රකාශ කර තිබේ.
මෙක්සිකෝව සහ ඇමරිකාව අතර දේශසීමා තාප්පයක් ඉදි කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනාධිපතිවරණ පොරොන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් මෙක්සිකෝව ප්‍රකාශ කර තිබුනේ එවැනි තාප්පයක් සඳහා කිසිදු සහයක් ලබා නොදෙන බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

පළමු න්‍යෂ්ටික බලාගාරය සඳහා ස්ථාන පහක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගනී

Shiran Viraj

පාස්කු ප‍්‍රහාරය වැනි අන්තවාදී ප‍්‍රහාර එල්ල කිරිමේ අනතුරක්..- ජනපතිට ලිඛිතව දැනුම් දෙයි..

Shiran Viraj

තිරිගු පිටි මිල අඩු කෙරේ

Shiran Viraj
Translate »