mediahumanrights.lk
Local NewsNews

අමෙරිකාවේ හමුදාවයි රුසියාවේ හමුදාවයි අවිශ්වාසයෙන්

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු අමෙරිකාව සමග පවතින සබඳතා බිදවැටී ඇති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් පවසනවා.
රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මේ වනවිට දෙරටේ හමුදාමය සබදතාවල විශ්වාසය පිරිහී ඇති බවයි.
රුසියානු රූපවාහිනි නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.
අමෙරිකාව ඉකුත්දා සිරියාවට එල්ල කළ මිසයිල ප‍්‍රහාරය සම්බන්ධයෙන් නේටෝ සංවිධානය දක්වන ප‍්‍රතිචාරය සම්බන්ධයෙන්ද මෙහිදී රුසියානු ජනාධිපතිවරයා ප‍්‍රශ්න කළා.
එම ප‍්‍රහාරය ජාත්‍යන්තර නීති උල්ලංඝණය කිරීමක් ලෙසයි රුසියානු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.
(under the courtesy of nethfm news web)

Related posts

පානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවේ..

Shiran Viraj

අම්මා විදියට මගේ පුතා නාස්ති වෙනවා දකිනවට වඩා මම මැරෙන්න කැමතියි – පියුමි හංසමාලි

Shiran Viraj

දෙවන විස්සයි විස්ස අද

Shiran Viraj
Translate »