mediahumanrights.lk
Local NewsNews

අධික මිලකට ඖෂධයක් අලෙවි කළ ඖෂධ සමාගමට වැඩවරදින ලකුණු

පිළිකා රෝගය සඳහා ‍ලබාදෙන ඖෂධයක් රෝගියෙකුට අධික මිලකට අලෙවි කළ පෞද්ගලික ඖෂධ සමාගමක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී තිබේ.
රෝගියෙකුගෙන් ලැබුණු ලිපියක් සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
අදාළ පෞද්ගලික ඖෂධ සමාගම එම පිළිකා ඖෂධය ආනයනය කර ඇත්තේ රුපියල් එක් ලක්ෂ 25,000ක  මුදලකට වන අතර ඖෂධය රෝගියාට ලබා දී ඇත්තේ රුපියල් හාර ලක්ෂ 29,000කට බව සඳහන්ය.
ඒ අනුව මේ පිළිබඳ ආහාර හා ඖෂධ පරීක්ෂකරුන් මඟින් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…

Shiran Viraj

අලුත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට අද පාර්ලිමෙන්තුවේදි සිදුවන විශේෂ දේ මෙන්න..!

Shiran Viraj

මීතොටමුල්ල ජනයා යළි අනාථයි

Shiran Viraj
Translate »