mediahumanrights.lk
Local News News Political

අධ්‍යාත්මික නායකයින්ට පෙරමුණ ගන්නැයි ජනපති කියයි

සංහිඳියාව ගොඩ නැගිමේ කාර්යයේදී ආධ්‍යාත්මික නායකයින් පෙරමුණ ගත යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
මිනිසුන්ගේ හදවත් එක් කිරීමේ කාර්යයේදී සැබෑ පණිවිඩකරුවා වන්නේ ආධ්‍යාත්මික නායකයන් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
දංකොටුව සිංගක්කුලිය ප‍්‍රදේශයේ පැවති ‘‘එරබදු වසන්තම්‘‘ ජාතික හා සංහිදියාව පිළිබඳ සංස්කාතික ප‍්‍රසංගයට එක්වෙමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.
මෙහිදි ස්වර්ගස්ථ වූ කලා ශූරි මර්සලින් ජයකොඩි පියතුමන්ට උපහාර පිදීමේ උත්සවයක්ද පැවැත්වුණා.
සියලු ජන කොටස් අතර සාමය සහ සංහිඳියාව තහවුරු කරමින් ශක්තිමත් ජන පවුරක් ලෙස අප ඉදිරියට යා යුතු බවයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම උත්සවය සංවිධාන කර තිබුණේ සරසවි කලා සංගමය විසින්.

(under the courtesy of nethfm news web)

Related posts

අඛණ්ඩව විදුලි සැපයුමට ඕනෑම මොහොතක හමුදාව සූදානම්

Shiran Viraj

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් කළ යුතුයි-වෛද්‍ය අනිල් ජාසිංහ

Shiran Viraj

දිඹුලාගල හිග විදුලි බිල දොලොස් ලක්‍ෂය පනී.. නොගෙවුවොත් කපන බව දන්වයි…

Shiran Viraj