mediahumanrights.lk
Local News News

බක්මහ මැරතන් තරගයේදී අවසන් ගමන දුවලා

බක්මහ උලෙළක දී මැරතන් තරගයක් අතරතුර පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ මත්තල ගුවන් තොටුපලේ යුද හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ සෙබළෙකු බවයි.
වැලිපැන්න හල්වල ප‍්‍රදේශයේ මෙම බක්මහ උලෙළ පවත්වා තිබෙනවා.
වයස අවුරුදු 38ක් වූ ඔහු හල්වල පරෙයිගම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. තරගය අතරතුර මෙම පුද්ගලයා ඇද වැටී ඇති අතර ඔහු මියගොස් ඇත්තේ නාගොඩ රෝහලට  රැගෙන යාමේදීයි. වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
(under the courtesy of nethfm news web)

Related posts

පසුගිය සතියේ සෑම තත්පර 33කටම වරක් COVID-19 නිසා ඇමෙරිකානුවෙකු මිය ගිහින්

Shiran Viraj

කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව තවදුරටත් පහලට…

Shiran Viraj

සමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..

Shiran Viraj