mediahumanrights.lk
Local NewsNews

බක්පුර පසලොස්වක පොහොය දිනය අද

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන සිදු වූ බක්පුර පසලොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා.
බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් අභිනිෂ්ක‍්‍රමණය කිරීම සඳහා හේතු වූ සතර පෙර නිමිති දැකීම ඇතුළු ශාසනික ඉතිහාසයේ තවත් වැදගත් සිද්ධීන් රැසක් අද වන් බක් පුර පසලොස්වක පොහෝ දිනකදී සිදුව තිබෙනවා.
මේ අතර බක්පුර පසලොස්වක පොහොය වෙනුවෙන් නෙත් එෆ්. එම් රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන අද දවස පුරා පඬුවස්නුවර දිග්ගලගෙදර ශ‍්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා.
අද උදෑසන 6.00 ට ආරම්භ කෙරෙන මෙම පිංකම් මාලාවේ විශේෂ ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, පොහෝදා සජීවි ධර්ම සාකච්ඡාවක් ඇතුළු වැඩසටහන් රැසක් සිදු කෙරෙනවා.

(under the courtesy of nethfm news web)

Related posts

සීගිරියට වෙනසක්… විදුලි සෝපාන එක්වෙයි

Shiran Viraj

බි‍්‍රතාන්‍ය තරුණයා ලක්‍ෂපාන ඇල්ලේදී මියයයි.

Shiran Viraj

දියවැඩියාව අක්මාවේ මේදය හා පිළිකා දුරු කරන දිව ඔසුව කළුදුරු – Black Seed

Shiran Viraj
Translate »