28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

පත්වී දින 10කින් මහේන්ද්‍රන්ගෙන් ස්ථාන මාරු

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම ධුරයට පත්වී දින 10 කට පසු දෙපාර්තමේන්තු ප්‍රධානීන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවකට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ එවකට මානව සම්පත් අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කල්‍යානි ගුණතිලක ප්‍රකාශ කළා.
ඒ, ප්‍රශ්නගත බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදෙමින්.
ඇය කියා සිටියේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අමතරව සහකාර සහ නියෝජ්‍ය අධිපතිවරුන්ගේ රාජකාරිවල වෙනස්කම්ද සිදුවූ බවයි.
තමන්ගේ වසර 30 කට අධික සේවා කාලය තුළදි මෙවන් අත්දැකීමකට කිසිදිනක මුහුණ නොදුන් බවද සාක්ෂි ලබාදෙමින් හිටපු මානව සම්පත් අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළා.
ඇය පෙන්වා දුන්නේ මෙම ස්ථාන මාරුවීම්වලදී බැඳුම්කර නිකුත් අධීක්ෂණය කරන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කිසිදු පළපුරුද්දක් නොමැති දීපා සෙනෙවිරත්න පත් කිරීමට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පියවර ගත් බවයි.
තමන්ගේ ළඟම මිතුරියක් වූ දීපා සෙනෙවිරත්නට එම තනතුරෙහි කටයුතු කළ නොහැකි බවට නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමග තමන් කිහිපවිටක්ම හිටපු මහ බැංකු අධිපතිවරයාව දැනුවත් කළ බවයි ඇය කියා සිටියේ.
කෙසේ වෙතත් අර්ජුන් මහේන්ද්‍රන්ගේ එම තීරණය වෙනස් නොවූ බවත් එම ස්ථාන මාරුවීම් හේතුවෙන් මහ බැංකුවේ විශාල වෙනසක් සිදුවූ බවත් සාක්ෂිකාරිය ප්‍රකාශ කළා.
මේ අතර, කොමිසම හමුවේ ඊයේ දිනයේ සාක්ෂි ලබාදෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති සී.පී.ඒ. කරුණාතිලක කියා සිටියේ තමන් ඇතුලු බහුතර සේවකයින් මෙම ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අසතුටෙන් පසුවූ බවයි.
මෙම සිද්ධියෙන් පසුව අර්ජුන් මහේන්ද්‍රන් සමග මතගැටුම් කිහිපයක් ඇතිවූ බවත්, ඒ හේතුවෙන් මහ බැංකුවේ සේවය කිරීමට සුදුසු වාතාවරණයක් නොතිබීම හේතුවෙන් විශ්‍රාම යාමට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති සී.පී.ඒ. කරුණාතිලක සඳහන් කළා.
(under the courtesy of hirunews news web)

Related posts

ප්‍රපාතයට යමින් තිබූ රට, ජාතිය බේරාගන්නා එකම නායකයා ජනපතියි..- සංඝ රත්නය ජනපතිට කියති..

Shiran Viraj

වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..

Shiran Viraj

ඩයනා අධිකරණයට බාර වෙයි..

Shiran Viraj