mediahumanrights.lk
Local NewsNews

කිරුළපන සුපිරි මහල් නිවසක කළ රුසියානු ගණිකා ජාවාරමක් හෙළිවෙයි – Video

සංචාරක වීසා මත මෙරටට පැමිණි රුසියානු ජාතික කාන්තාවන් පිරිසක් කොළඹ කිරුළපන ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක නිවසක් කුලීපදනම මත ලබාගෙන සංවිධානාත්මක ගණිකා ජාවාරමක් සිදුකර ගෙන යන බවට හිරු සී.අයි.ඒ වෙත තොරතුරු ලැබුණා.
ඔවුන් කලක පටන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබුණේ ඒ සඳහාම නිර්මාණය කරගත් අන්තර්ජාල වෙබ් අඩවියක් ඔස්සේයි
මෙම වෙබ් අඩවිය හරහා තම තොරතුරු ගනුදෙනුකරුවන් අතරට ගෙනගිය මොවුන් මෙම ජාවාරමට ගනුදෙනුකරුවන් සොයාගැනීම සඳහා කිසිදු අවස්ථාවක මෙරට කිසිඳු පුද්ගලයෙකුගෙන් උදව් උපකාර ලබා නොගන්නා බව අප කළ ගවේෂණයේදී හෙළිවුණා.
කුලී පදනම මත ලබාගත් මහල් නිවාසයට මෙන්ම කොළඹ සුපිරි හෝටල් වෙත පැමිණෙන මොවුන් පැය දෙකක් ගත කිරීම සදහා ගණුදෙනුකරුවෙකුගෙන් ලබාගන්නා මුදල රුපියල් 75,000 ක්.
ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතාගේ උපදෙස් මත මෙම ජාවාරම වැටලීම සදහා පසුගියදා සැලසුමක් සකස් කෙරුණා.
ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණල බුද්ධි විමර්ශන අංශ නිලධාරින් අන්තර්ජාලය ඔස්සේ රුසියානු කාන්තාවන් 05 දෙනෙකු ඇණවුම් කළා.
ඊට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමන් තම ගාස්තු ඉදිරිපත් කළ මෙම රුසියානු කාන්තාවන් අපගේ ඉල්ලීම අනුව සේවා සැපයීම සදහා පැමිණියේ කොළඹ තරු පන්තියේ හෝටලයක් වෙතයි.
ඒ වන විටත් කාන්තා නිලධාරිනියක් ඇතුලුව ආගමන විගමන නිලධාරින් අදාල හෝටලයේ කාමරයක් තුල රැකවල්ලා සිටියා.
(under the courtesy of hirunews news web)

 

Related posts

පෙට‍්‍රල් බෝතලය 800ට විකුණයි…

Shiran Viraj

සභාපතිට කොරෝනා.. ඇමති සී.බී. සහ ප‍්‍රභූන් රැසක් සමග ඔහු උත්සවවල..

Shiran Viraj

දකුණත් දැඩි අවදානම්..! මීළඟ කොවිඞ් පොකුර පෞද්ගලික උපකාරක පන්තියකින්…

Shiran Viraj
Translate »