mediahumanrights.lk
Local NewsNews

කෑමට නුසුදුසු දේ දුන් ආයතන 2716ට නඩු

සිංහල හා දෙමල අලුත් අවුරුදු සමය නිමිත්තෙන් දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කළ ආයතන 2716කට එරෙහිව නඩු පවරා තිබේ.
අප්‍රේල් මස පළමු වනදා සිට සිදුකළ මෙම වැටලීම් වලදී ආහාර නිෂ්පාදන ආයතන 19,730ක් පරීක්ෂාවට ලක් කල බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ එම පරීක්ෂාකිරීම් වලදී මිනිස් පරිභෝජනයට  නුසුදුසු  ආහාර අළෙවි කල ස්ථාන 3412ක් වැටලීමට ලක් කළ බවයි.
එහිදී වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදුකර ඇත්තේ රස කැවිලි, පොල්තෙල් සහ පිටි වර්ග ආශ්‍රිත නිෂ්පාදන බව සඳහන්ය.
වැඩිම වැටලීම් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් සිදුකර ඇති අතර, වයඹ  සහ දකුණු පළාත් වලින් ද සිදුකළ වැටලීම් සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම වැටලීම් සඳහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000කට ආසන්න පිරිසක් යොදවා තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

පෞද්ගලික බැංකුවක් කොල්ලකයි – කොල්ලය වැළැක්වීමට ගිය ආරක්ෂකයෙකු වෙඩිකයි

Shiran Viraj

ඔබටත් හතිය තියෙනවද? එය නිට්ටාවටම සුවකරගන්නේ කෙසේද? හරියටම දැනගන්න

Shiran Viraj

මැරුවේ බයට – ඒක කලේ හිතලා නෙවේ. අවුරුදු 29 සුරුපිණියකගේ පාපොච්චාරණය

Shiran Viraj
Translate »