mediahumanrights.lk
Local News News

උෂ්ණ කාලගුණය මැයි දක්වා පවතියි-අක්ෂි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

පවතින උෂ්ණ අධික කාලගූණ තත්ත්වය මැයි මාසය අවසන් වන තුරු පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කලගුණ විදයා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය සඳහන් කළේ දිවයින ආශ්‍රිතව පවතින අඩු සුළං ප්‍රවාහය මෙම උෂ්ණ අධික කාලගුණ තත්ත්වයට හේතු වී ඇති බවය.
මේ අතර පවතින උෂ්ණ අධික කාලගුණයත් සමඟ අක්ෂි රෝග ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
උෂ්ණත්වය වැඩි වීමත් සමග වෛරස් රෝග පැතිරයාමත් සමඟ මෙම අක්ෂි රෝග ව්‍යාප්තිය ද මේ දිනවල වැඩි වී ඇති බව වාර්තා වේ.
විශේෂයෙන් කුඩා ළමුන් ඇතුළු ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්  මෙම අක්ෂි රෝගයට වැඩි වශයෙන් ගොදුරු විය හැකි බව අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය මදුවන්ති දිසානායක මහත්මිය සඳහන් කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

කුණු එකතු කරන යානාවක් අභ්‍යවකාශයට යවයි. – Video

Shiran Viraj

ජිනීවා: අන්තර් ජාතික බලපෑම්, සමරවීර සහ දෙමළ ප්‍රශ්ණ

Shiran Viraj

තැපැල් ඡන්දයට අමතර දින දෙකක්

Shiran Viraj