mediahumanrights.lk
Local News News Political

ආණ්ඩුවට එරෙහිව විග්නේෂ්වරන් සමග හකීම් සහ බදියුදීනුත් එක්වෙති

ආණ්ඩුවට විරෝධය පළ කරමින් උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන සුළු පක්‍ෂ සියල්ල එක්ව හෙට දිනයේ පැවැත්වෙන හර්තාලයට සියල්ලන්ගේම සහාය හිමිව ඇති බව දෙමළ මහජන සභාව පවසනවා.
උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන සභාවේ නියෝජිතයින් ප‍්‍රකාශ කළේ අවතැන්වූවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙස හා උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම්වල ඇති හමුදා කදවුරු ඉවත් කර ගන්නැයි බල කරමින් මෙම හර්තාලය පවත්වන බවයි.
ඊට විපක්‍ෂ නායක ආර් සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානය, අමාත්‍ය රාවුෆ් හකීම්ගේ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය යන පක්‍ෂ සහාය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප‍්‍රකාශ කර ඇත්තේ ඉල්ලීම් පිළිබද තම පක්‍ෂයට එකග විය හැකි බැවින් හර්තාලයට සහාය පළ කරන බවයි.
කෙසේවෙතත් හෙට දිනයේ පැවැත්වීමට නියමිත හර්තාලයට සහාය දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වව්නියාව වෙළද සංගමය ප‍්‍රකාශ කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

මැතිසබේ රකින්න හමුදාව එපා එස්.ටී.එෆ් දාන්න – හිටපු කතානායක කරු

Shiran Viraj

මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

Shiran Viraj

කොරෝනා ඩෙල්ටා 70%කින් වැඩි වෙයි.. ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රබේධය බවට.. රටම යලිත් වහන්න වෙන බව දන්වයි..

Shiran Viraj