mediahumanrights.lk
News

ස්විට්සර්ලන්ත පුරවැසිකම නිසා ගීතාගේ මන්ත්‍රී ධූරය 3 දා අහිමිවන ලකුණු

ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය  ස්විට්සර්ලන්ත පුරවැසි භාවය මත ශ්‍රී ලංකාවේ නීතිය අනුව මන්ත්‍රී ධූරයක් ලබාගැනීම ගැටලු සහගතව තිබෙන පසුබිමක ඇය කියා සිටින පරිදි එය ඉවත් කළ බවට සාක්ෂි නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් සිල්වා මහතා ඊයේ (14දා) අභියාචනා අධිකරණයේදී පවසා තිබේ.
ගීතාට විරුද්ධව ගාලු දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් පස් දෙනකු පවරා ඇති නඩුව අභියාචනා අධිකරණයේ සභාපති විජිත් මලල්ගොඩ සහ විනිසුරු එස්. තුරෙයිරාජා යන විනිසුරු මඬුල්ල හමුවේ විභාග වූ අවස්ථාවේ මේ ගැන කියැවිණි.
මේ පිළිබඳ අවසාන තීන්දුව මැයි 3 ලබාදෙන අතර මේ වනවිට නඩුව ඇයට අවාසිසහගත වන අතර ඇයට එදින මන්ත්‍රී ධූරය අහෝසිවන ලකුණු පහළවී තිබේ.

Related posts

වැලිකඩ පැත්තක් ලොක්ඩවුන්.. සිරකරුවන් පිරිසකට කොරෝනා.. තවත් පිරිසකට රෝග ලක්‍ෂණ.. සිරකරුවන් භීතියෙන්..

Shiran Viraj

අඩු මිල රට සහල් දේශීය සහල් සමග මිශ‍්‍ර කර මෝල් හිමියන් අධි ලාබ ලබමින්..

Shiran Viraj

දශ ලක්ෂ තිස්තුන්දාහක බිල් වෙන්දේසියක් හෙට

Shiran Viraj
Translate »