25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

සමයංගේ සිරුර භාරගන්න බිරියන් දෙදෙනෙකු ඉදිරිපත්වෙලා -මළ ගෙදර පාළුවට ගිහින්

පෙරේදා කළුතරදී කුරිරු වෙඩි පහරින් මියගිය පාතාල නායක සමයංගේ මළ සිරුර මේ වනවිට කැලණිය ගෝනවල පට්ටිවල පිහිටි සමයංගේ නීත්‍යානුකූල පළමු බිරිඳවන සුගන්ධි කල්දේරාගේ ඥාති නිවසක තැන්පත් කර ඇතැයි වාර්තාවේ.
සමයංගේ අවසන් කාලයේ පළමු බිරිය හා දරුවන් දෙදෙනා අතහැර ඔහු වෙනත් අනියම් බිරියක වෙත ගොස් තිබුණ අතර
කඩුවෙල ප්‍රදේශයේ වාසය කරන ඇය පෙරේදා සිද්ධිය සිදුවූ අවස්ථාවේ බන්ධනාගාර බස් රථය අසළට පැමිණ හඬා වැලපෙමින් තමාත් සමයංගේත් විවාහයට අවුරුදු 3 පිරුනේ ඊයේට ආදී ප්‍රකාශ කියවමින් කෑගසමින් සිට ඇත. කෙසේ වෙතත් ඇයට සමයංගේ මළ සිරුර භාර ගැනීමට අවශ්‍ය වුවද එය නීත්‍යානුකූල විවාහයක් නොවූ නිසා අවසරය ලැබුනේ නැත. දෙවැනි බිරිඳ  සිටි කඩුවෙල සමයංගේ බල ප්‍රදේශයට ගෙන යාමට නොදී නීත්‍යනුකූල විවාහයේ බිරිඳ පදිංචිව සිටි කැලණිය පට්ටිවිල ප්‍රදේශයට ඊයේ (28)  ඒ අනුව රැගෙන ගිය බව පොලිසිය කියයි.
සමයංගේ විවාහක බිරිඳ හා දරු දෙදෙනා සිටි පට්ටියවිල නිවසට ඊයේ සිරුර ගෙනගියත් පවු‍ලේ ඥාතීන් හා කිහිප දෙනකු හැරෙන්නට විශාල පිරිසක් මළ ගෙදර මගහැර සිටි  බව ‍පොලිස් වාර්තා සඳහන් කරයි. පාතාල අපරාධකරුවෙකු වූ නිසා ඔහු හා සම්බන්ධ අය බියට පත්ව ඇති බවද පැවසුණා.
සමයංගේ පළමු විවාහය සිදුව ඇත්තේ මින් වසර ගණනාවකට එපිටය. ඔහු ජාතික පුවත්පතක් සමග 2015 පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී මෙම නීත්‍යානුකූල විවාහය හා දරුවන් ගැන කරුණු සඟවා කථා කළ අතර ඔහුට දරුවන් දෙදෙනෙකු වෙනුවට එක් අයෙකු සිටින බවක් හා විවාහවූයේ 2014 බවක් ලෙස වැරදි තොරතුරු පවසා තිබුණි.(ඇතැම් විට ඒ දෙවන අනියම් විවාහය ගැන විය හැකිය)
කෙසේ වෙතත් සමීප ආරංචි හෙළි කරන්නේ ඔහු පවුල් සංස්ථාව ගැන කල්පණා කර වැඩ කළ අයෙකු නොවන බවයි.
සමයංගේ මරණයත් සමග ඊයේ පෙරේදා දෙකේම රතිඤ්ඤා පත්තු කර තිබුනේ අංගොඩ හා නවගමුව ප්‍රදේශවල සමයං නිසා මරණයට පත්වූ අයගේ පවුල්වල උදවියයි. මේ අතර මෙම ඝාතනයට සම්බන්ධ බවට දැනටමත් සැකකරන අංගොඩ ලොක්කාගේ කල්ලිය මෙම මරණයෙන් පසු කිරිබත් උයා ඇති බවද වාර්තා විය.

Related posts

සෙල්ෆි ගන්න ගිය තරුණ ජෝඩුව යකඩ යකා ඩැහැගනියි සෙල්ෆිය ඉතිරි වෙයි ජෝඩුව අවසන් ගමන් යයි – Photos

Shiran Viraj

The top street style trends of spring 2018 fashion month

Shiran Viraj

නරේන්ද්‍ර මෝදිට ධවල මන්දිරයේදී උණුසුම් පිළිගැනීමක්

Shiran Viraj
Translate »