2026-02-10
mediahumanrights.lk
Local NewsNews

යුද විරුවෙක් අධිකරණයට කැඳවන්නැයි කළ ඉල්ලීමක් මුලතිව් මහේස්ත‍්‍රාත් ප‍්‍රතික්ෂේප කරයි

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙකු බව කියන සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව, 58 වන සේනාංකය භාරව සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණය හමුවට කැඳවන්නැයි කළ ඉල්ලීම මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.
අදාළ ඉල්ලීම සිදුකර ඇත්තේ එලීලන් නමැත්තාගේ බිරිඳ වන උතුරු පළාත් සභා මන්ත‍්‍රී ආනන්දි ශෂිදරන් විසින්.
ඇය විසින් ගොනු කර ඇති හබයාස්කෝප් නඩුව මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී ඊයේ විභාගයට ගත් අවස්ථාවේ දී මහේස්ත‍්‍රාත් එම්. සම්සුඞීන් මෙම නියෝගය නිකුත් කළා.
යුද්ධයේ අවසන් සමයේ දී 58 වන සේනාංකය හරහා ආරක්ෂක අංශ වෙත භාර වූ බව කියන එලීලන් ඇතුළු 12 දෙනෙකු අතුරුදන් වී ඇති බව පවසමින් උතුරු පළාත් සභා මන්ත‍්‍රී ආනන්දි ශෂිදරන් ඇතුළු පිරිසක් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

නිදහසේ සැබෑ සිහිනය තවමත් බොඳ වී ඇති බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති

Shiran Viraj

කතානායකට එරෙහි විශ්වාස භංගයට ආණ්ඩුවේ කිහිප දෙනෙකුගේ සහාය…

Shiran Viraj

ආදිවාසී නායකයා අමාත්‍යංශයක් ඉල්ලයි

Shiran Viraj
Translate »