mediahumanrights.lk
NewsSportsSports News

බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කුසල් එළියට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ආරම්භක පිතිකරු කුසල් ජනිත්ට අහිමි වී තිබෙනවා.
ඒ ඊයේ (22) පැවති පුහුණු එක්දින තරගයේ දී ඔහු ආබාධයට ලක්වීම හේතුවෙන්.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ‘නෙත් ස්පෝට්ස්මන්’ වෙත පැවසුවේ ඔහු වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයා මෙතෙක් තීරණය කර නොමැති බවයි.
ඊයේ තරගයේ දී කුසල් ජනිත් ලකුණු 64 ක් ද රැස් කිරීමට සමත් වුණා.
කෙසේවෙතත් කුසල් ජනිත් වෙනුවට මිලින්ද සිරිවර්ධන ශ‍්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවනු ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.
බංග්ලාදේශ – ශ‍්‍රී ලංකා පළමු එක්දින තරගය ලබන සෙනසුරාදා රංගිරි දඹුළු අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

කොකේන්වලට ඇබ්බැහි වූ පිරිස අතර මන්ත‍්‍රීවරියකුත්

Shiran Viraj

නානුඔය සිද්ධිය ගැන පොලීසිය ක්‍රියාකළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක්

Shiran Viraj

රෝහල් ගතවන රෝගියෙකුට විකල්ප දෙකයි.. එක්කෝ නැවත ගෙදරට.. නැතිනම් මල් ශාලාවට…

Shiran Viraj
Translate »