mediahumanrights.lk
Local NewsNews

පොල් රුපියල් 80ට

උත්සව සමය ළඟ  එන බැවින් බඩු මිල වැඩි නොවී පවත්වා ගැනිමට ආණ්ඩුව දැන් සිටම කටයුතු කළ  යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.
වෙළඳපොළේ ප‍්‍රමාණවත් තරම් සැපයුමක් නොමැතිව ඇතැම් ද්‍රව්‍යවලට පාලන මිලක් නියම කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර නෙත් නිවුස් කළ වෙළඳ පොළ අධ්‍යයනයකදී පෙනී ගියේ විශේෂයෙන්ම පොල් මිල ඉකුත් සතිය තුළ තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි.
සාමාන්‍ය ප‍්‍රමාණයේ පොල් ගෙඩියක මිල ඇතැම් ප‍්‍රදේශවල මේ වන විට රුපියල් 80 පමණ දක්වා වැඩි වී තිබෙනවා.
ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියා සිටියේ පොල්, පොල් තෙල්, සහල්, අර්තාපල්, ලූණු සහ එළවළු ඇතුළු ආහාර කාණ්ඩයේ මිල වැඩි වීම පෙබරවාරි මාසයේ උද්ධමනය ඉහල යාමට ද හේතු වූ බවයි.
පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට අටයි දශම දෙකක් ලෙස සටහන් වී තිබෙනවා
(under the courtesy of nethfm news web)

Related posts

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අරඹයි

Shiran Viraj

දැඩි කොන්දේසි මැද ක්‍රිකට් පුහුණුවීම් නැවත ඇරඹේ – ක්‍රීඩකයන්ට පැනවූ විශේෂ කොන්දේසිත් හෙළිවේ

Shiran Viraj

අතරමැදි ක්‍රියාකාරිත්වය හේතුවෙන් වෙළෙඳපොළේ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළට

Shiran Viraj
Translate »