mediahumanrights.lk
Local NewsNewsPolitical

විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් 2000ක් නැවත සේවයට බඳවා ගන්නවා

විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් 2000ක් සේවා අවශ්‍යතාවය මත නැවත සේවයට බඳවා ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ “නිල මෙහෙවර ජනපති ජනතා සේවය“ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පුරප්පාඩු තනතුරු වෙනුවෙන් නව නිලධාරින් බඳවා ගන්නා තෙක් විශ්‍රාම ගිය ග්‍රාම නිලධාරින් කොන්ත්‍රාත් පදනම මත බදවා ගන්නා බවය.
නිල මෙහෙවර ජනපති ජනතා සේවය ජාතික වැඩසටහනේ වව්නියාව – මන්නාරම් දිස්ත්‍රික් ආරම්භක වැඩසටහනට එක්වෙමින් වජිර අබේවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වව්නියාව, නුවරඑළිය සහ අනුරාධපුර යන දිස්ත්‍රික් තුළ පවතින සීමා නිර්ණ ගැටළු සඳහා කඩිනමින් විසඳුම් ලබා දෙන බවය.
(under the courtesy of adaderana news web)

Related posts

උද්ධමනය 66යි.. ආහාර උද්ධමනය 82%යි.. අලුත්ම වාර්තාව මෙන්න…

Shiran Viraj

උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතයි

Shiran Viraj

රට පුරා උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..- සජිත්

Shiran Viraj
Translate »