2026-01-16
mediahumanrights.lk
International NewsNews

වැටුප ගන්නේ නැතැයි කී ට්‍රම්ප් වැටුප ලබාගෙන සඟවයි

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනපතිවරණ ප්‍රචාරණය අතරතුර දන්වා සිටියේ තමා ජනපති පදවියට පත්වුවහොත් වැටුප් ලබාගන්නේ නැති බවයි.

ඒ අනුව ඔහුට ඇමරිකානු ජනපති පදවිය වෙනුවෙන් ලැබෙන ඩොලර් ලක්ෂ 4 ක මුදල ඉතිරි වනු ඇතැයි වාර්තා පළවිය. කෙසේ වෙතත් ඇමරිකානු නීතිය අනුව එම වැටුපට හිමි චෙක්පත ඔහු වෙනුවෙන් ලිවිය යුතුවූ අතර පසුව ධවල මන්දිර ප්‍රකාශකයෙකු දන්වා තිබුනේ එම චෙක්පත ජනපතිට යැවුණ පසු ඔහු එය ප්‍රදානයක් ලෙස භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට හරවා යවනු ඇති බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ නිරීක්ෂණයෙන් පසුවෙමින් වාර්තා පළ කරන NBC පුවත් සේවාව දන්වා සිටින්නේ මේ වනවිට ඇමරිකානු ජනපතිවරයා වෙනුවෙන් වැටුප් චෙක්පත් 2 ක් නිකුත්ව ඇති නමුත් කිසිවක් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට බැර කර නැති බවයි. ඒ අනුව ඔවුන් ජනපතිවරයා කියූ දේවල් නොකර වැටුප සඟවා ඇති බවට පුවත් වාර්තා පළ කර තිබේ.

Related posts

ඊයේ එජාපයට ගිහින් අද යළිත් ආණ්ඩුවට එන මන්ත්‍රි මෙන්න

Shiran Viraj

ආණ්ඩුවට බහුතරය නැති කරමින් තවත් 10ක් විපක්‍ෂයට..

Shiran Viraj

ඇමතිගේ වැඩි ආරක්ෂාව STF ලොක්කගේ තනතුරට තට්ටු කරයි ?

Shiran Viraj
Translate »